Sunday, April 20, 2025
Home » මිනු­ව­න්ගො­ඩට සිසු­සැ­රිය බස් 35ක්

මිනු­ව­න්ගො­ඩට සිසු­සැ­රිය බස් 35ක්

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

මිනු­ව­න්ගොඩ සමූහ - ටෙඩී කිර්ති

මිනු­ව­න්ගොඩ සහ ඒ අවට ප්‍රදේ­ශ­වල සිට පාසල් සිසුන් හා ගුරු භව­තුන් වෙනු­වෙන් සිසු­සැ­රිය පාසල් සේවා බස් රථ 35ක් මේ වන විට ක්‍රියා­ත්මක කර ඇතැයි බස්නා­හිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ මිනු­ව­න්ගොඩ ශාඛාවේ කළ­ම­නා­කරු රවින්ද වෙත්ත­සිංහ මහතා සඳ­හන් කළේය.  මෙම බස් රථ සේවා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දෙකෙහි පාසල් විශාල ප්‍රමා­ණ­යක් ආව­ර­ණය වන පරිදි ධාව­න­යට යොදවා ඇතැයි ද ඒ මහතා කියා සිටි­යේය. ඒ අනුව සිසු­සැ­රිය බස් රථ 25ක් සහ පාසල් සේවා බස් රථ 10ක් මේ වන විට ක්‍රියා­ත්මක කර ඇති බව පව­සන වෙත්ත­සිංහ මහතා, සිසු­සැ­රිය බස් රථ සඳහා ගමන් ගාස්තු­වෙන් අඩක් ගෙවී­මෙන් හා පාසල් සේවා බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව යටතේ පාසල් දරු­වන්ට හා ගුරු භව­තුන් වෙනු­වෙන් ප්‍රවා­හන පහ­සු­කම් සලසා ඇතැයි ද කියා සිටි­යේය. ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටියේ, පාසල් සේවා වෑන් රථ­ව­ලින් සිසු දරු­වන්ගේ මවු­පි­ය­න්ගෙන් අසා­ධා­රණ ලෙස සිදු කරන මුදල් අය කිරීම පාල­න­යට පාසල් දරු­වන් සඳහා ඉතා උසස් ආර­ක්ෂා­කාරී ප්‍රවා­හන පහ­සු­කම් සලසා දීම වෙනු­වෙන් මෙම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන බවයි.

ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ පූර්ණ උප­දේ­ශ­ක­ත්වය යටතේ ක්‍රියා­ත්මක මෙම පාසල් ප්‍රවා­හන සේවා පහ­සු­කම් ලබා ගැනී­මට අවශ්‍ය පාසල් සිසු දරු­වන් හෝ දෙමා­පි­යන්ට, පාස­ල්ව­ලට, ගුරු­භ­ව­තුන්ට දුර­ක­ථන අංක 011 2247150 හෝ 0112247160 යන අංක ඔස්සේ මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ මිනු­ව­න්ගොඩ ශාඛා­වට කතා කර අවශ්‍ය විස්තර ලබා ගත හැකි බව මිනු­ව­න්ගොඩ ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු රවින්ද වෙත්ත­සිංහ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT