Home » ඥානි­ස්සර විදු­හල ළඟ බස් නැව­තුමේ වහ­ලය නෑ

ඥානි­ස්සර විදු­හල ළඟ බස් නැව­තුමේ වහ­ලය නෑ

by Gayan Abeykoon
November 21, 2024 1:02 am 0 comment

අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

අලු­ත්ගම, වැලි­පැන්න දක්ෂිණ අධි­වේගී ප්‍රවේශ මාර්ගයේ මගී බස් රථ­ව­ලට ගොඩ­වී­මට නාක­න්ද­ල­ගොඩ ශ්‍රී ඥානි­ස්සර විදු­හල අසල ඉදි­කර තිබෙන බස් නැව­තු­ම්පොළේ වහ­ලය ගැලවී ගොස් ඇතත් ඒ පිළි­බඳ මෙතෙක් බල­ධා­රීන් අව­ධා­නය යොමු කර නැතැයි මගී ජන­තාව මෙන්ම පාසල් සිසුහු ද පව­සති.

ඔවුන් පෙන්වා දෙන්නේ, දින­පතා මතු­ගම දෙසට ධාව­නය වන බස් රථ­ව­ලට ගොඩ­වන පාසල් සිසුන් මෙන්ම සෙසු මඟීන් ද වර්ෂා දින­ව­ලදී මේ හේතු­වෙන් දැඩි අප­හ­සු­තා­ව­යට පත්වන බවයි. මගී බස් නැව­තුමේ වහ­ලයේ සෙවිලි තහඩු මේ වන විට බිමට පති­තව තිබෙන බව පෙන්වා දෙන ප්‍රදේ­ශ­වා­සීන්, කඩ්න­මින් මෙය අලු­ත්වැ­ඩියා නොක­ළ­හොත් බස් නැව­තුම අලු­තින් ඉදි­කි­රී­මට විශාල පිරි­වැ­යක් මහ­ජන බදු මුද­ලින් දැරී­මට සිදු­වනු ඇති බවද කියා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT