අලුත්ගම, වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්රවේශ මාර්ගයේ මගී බස් රථවලට ගොඩවීමට නාකන්දලගොඩ ශ්රී ඥානිස්සර විදුහල අසල ඉදිකර තිබෙන බස් නැවතුම්පොළේ වහලය ගැලවී ගොස් ඇතත් ඒ පිළිබඳ මෙතෙක් බලධාරීන් අවධානය යොමු කර නැතැයි මගී ජනතාව මෙන්ම පාසල් සිසුහු ද පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, දිනපතා මතුගම දෙසට ධාවනය වන බස් රථවලට ගොඩවන පාසල් සිසුන් මෙන්ම සෙසු මඟීන් ද වර්ෂා දිනවලදී මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වන බවයි. මගී බස් නැවතුමේ වහලයේ සෙවිලි තහඩු මේ වන විට බිමට පතිතව තිබෙන බව පෙන්වා දෙන ප්රදේශවාසීන්, කඩ්නමින් මෙය අලුත්වැඩියා නොකළහොත් බස් නැවතුම අලුතින් ඉදිකිරීමට විශාල පිරිවැයක් මහජන බදු මුදලින් දැරීමට සිදුවනු ඇති බවද කියා සිටියි.