Home » පාණදුර-හොරණ බාල­ද­ක්ෂ­යන්ට සිවුදින නාය­කත්ව නේවා­සික කඳ­වු­රක්

පාණදුර-හොරණ බාල­ද­ක්ෂ­යන්ට සිවුදින නාය­කත්ව නේවා­සික කඳ­වු­රක්

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

අඟු­රු­ව­තොට සමූහ - මංගල ප්රසන්න

පාණදුර – හොරණ බාල­දක්ෂ දිසාවේ බාල­ද­ක්ෂ­යන් සහ­භාගී වූ දින හත­රක නාය­කත්ව නේවා­සික කඳ­වු­රක් අඟු­රු­වා­තොට රෙමුණ මහා විද්‍යා­ල­යේදී පසු­ගි­යදා පැවැ­ත්විණ.  මෙම වැඩ­ස­ට­හන පාණ­දුර – හොරණ දිසා කොම­සා­රිස් නලින් නය­න­කාන්ත, වැඩ­ස­ට­හන් සහාය දිසා කොම­සා­රිස් කසුන් හර්ෂණ ජය­තුංග යන මහ­ත්ව­රුන්ගේ මූලි­ක­ත්ව­යෙන් සිදු කළ අතර, ඒ සඳහා හිටපු සහාය දිසා කොම­සා­රිස් මෙන්ම පුහුණු කිරීමේ නායක ශාන්ත ෆොන්සේ­කාගේ සංවි­ධා­ය­ක­ත්වය හිමිව තිබිණ. පාඨ­මාලා නායිකා හා දිසා බාල දක්ෂ නායිකා ඒ.ඒ. ලිලන්ති මහ­ත්මිය ද ඊට එක්ව සිටි අතර, පාඨ­මාලා සම්බ­න්ධී­ක­රණ කට­යුතු රෙමුණ විද්‍යා­ල­යෙන් සිදු කෙරුණි. මෙම වැඩ­ස­ට­හ­නේදී කඳ­වුරු බැඳීම, වන විද්‍යාව, ජල ක්‍රීඩා, පා ගමන්, එළි­ම­හන් ක්‍රීඩා, එළි­ම­හන් ප්‍රායෝ­ගික වැඩ­ස­ට­හන් ආදී කට­යුතු රැසක් සිදු විය. ප්‍රථ­මා­ධාර පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ ප්‍රායෝ­ගික සැසිය පව­ත්වනු ලැබුවේ, හල්තොට ප්‍රාදේ­ශීය රෝහලේ මහ­ජන සෞඛ්‍ය හෙද නිල­ධාරී මුදිත නිස්සංක මහතා විසිනි.

මීට අම­ත­රව සිවු දින පුරා බඳුන් රහිත ආහාර පිසීම, ගිනි මැල සංද­ර්ශන, කඳ­වුරු පා ගමන් ආදී ප්‍රායෝ­ගික වැඩ­ස­ට­හන් රැසක් පැවැ­ත්විණ. බාල­දක්ෂ විධා­යක සභා සභා­පති කැළුම් පෙරේරා මහතා ද ඊට සම්පත් දාය­ක­ත්වය ලබා දුන් අතර, හොරණ නගර සභා ගිනි නිවීම් ඒක­කයේ මෙහෙ­ය­වී­මෙන් පැවැති විශේෂ ගිනි­වීම් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන එහිදී කාගේත් සිත් ගත්තේය. මෙම වැඩ­ස­ට­හන සඳහා පාණ­දුර – හොරණ බාල­දක්ෂ බාලක බාලි­කා­වන් 41 දෙනකු සහ­භාගී වූ අතර, ප්‍රදේ­ශයේ පාස­ල්වල බාල­දක්ෂ ආචා­ර්ය­ව­රුන්ගේ සහ රෙමුණ මහා විද්‍යා­ලයේ විදු­හ­ල්පති චමින්ද පුෂ්පික මහතා ඇතුළු ආචාර්ය මණ්ඩ­ලයේ සහ­යෝ­ගය මේ සඳහා ලබා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT