පාණදුර – හොරණ බාලදක්ෂ දිසාවේ බාලදක්ෂයන් සහභාගී වූ දින හතරක නායකත්ව නේවාසික කඳවුරක් අඟුරුවාතොට රෙමුණ මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහන පාණදුර – හොරණ දිසා කොමසාරිස් නලින් නයනකාන්ත, වැඩසටහන් සහාය දිසා කොමසාරිස් කසුන් හර්ෂණ ජයතුංග යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කළ අතර, ඒ සඳහා හිටපු සහාය දිසා කොමසාරිස් මෙන්ම පුහුණු කිරීමේ නායක ශාන්ත ෆොන්සේකාගේ සංවිධායකත්වය හිමිව තිබිණ. පාඨමාලා නායිකා හා දිසා බාල දක්ෂ නායිකා ඒ.ඒ. ලිලන්ති මහත්මිය ද ඊට එක්ව සිටි අතර, පාඨමාලා සම්බන්ධීකරණ කටයුතු රෙමුණ විද්‍යාලයෙන් සිදු කෙරුණි. මෙම වැඩසටහනේදී කඳවුරු බැඳීම, වන විද්‍යාව, ජල ක්‍රීඩා, පා ගමන්, එළිමහන් ක්‍රීඩා, එළිමහන් ප්‍රායෝගික වැඩසටහන් ආදී කටයුතු රැසක් සිදු විය. ප්‍රථමාධාර පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික සැසිය පවත්වනු ලැබුවේ, හල්තොට ප්‍රාදේශීය රෝහලේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරී මුදිත නිස්සංක මහතා විසිනි.
මීට අමතරව සිවු දින පුරා බඳුන් රහිත ආහාර පිසීම, ගිනි මැල සංදර්ශන, කඳවුරු පා ගමන් ආදී ප්‍රායෝගික වැඩසටහන් රැසක් පැවැත්විණ. බාලදක්ෂ විධායක සභා සභාපති කැළුම් පෙරේරා මහතා ද ඊට සම්පත් දායකත්වය ලබා දුන් අතර, හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකයේ මෙහෙයවීමෙන් පැවැති විශේෂ ගිනිවීම් දැනුම්වත් කිරීමේ වැඩසටහන එහිදී කාගේත් සිත් ගත්තේය. මෙම වැඩසටහන සඳහා පාණදුර – හොරණ බාලදක්ෂ බාලක බාලිකාවන් 41 දෙනකු සහභාගී වූ අතර, ප්‍රදේශයේ පාසල්වල බාලදක්ෂ ආචාර්යවරුන්ගේ සහ රෙමුණ මහා විද්‍යාලයේ විදුහල්පති චමින්ද පුෂ්පික මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහයෝගය මේ සඳහා ලබා දී තිබේ.