Monday, April 21, 2025
Home » හොර ලී පැටවූ රියැ­දු­ර­කුට වැඩ වරදී

හොර ලී පැටවූ රියැ­දු­ර­කුට වැඩ වරදී

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

වාරණ - ආනන්ද ඉ. ජය­කොඩි

බල­පත්‍ර රහි­තව රුපි­යල් හය ලක්ෂ අනූ හත් දහස් නව­සිය හැත්තෑ තුනක් වටින විවිධ වර්ගයේ දැව කඳන් එක­සිය දොළ­හක් ලොරි­ය­කින් ප්‍රවා­හ­නය කළ බවට වරද පිළි­ගත් විත්ති­කාර රියැ­දු­ර­කුට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පෙරේදා (19) පස්ව­රුවේ රුපි­යල් විසි පන් දහ­සක දඩ­යක් නියම කර දැව තොගය රාජ­ස­න්තක කිරී­මට නියෝග කළේය.

සුගත් මධු­ශංක නමැ­ත්තෙ­කුට එසේ දඩ නියම කෙරිණි.

මහෝ­ගනී, කොස්, හල්මිල්ල, තේක්ක, නැඳුන් හා ගිනි­සපු යන වර්ග­ව­ලට අයත් දැව කඳන් එක­සිය දොළ­හක් ලොරි­ය­කින් රැගෙන යමින් සිටි­යදී අත්ත­න­ගල්ල පොලී­සිය විත්ති­කාර රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.

ලොරිය රුපි­යල් ලක්ෂ දහ­යක ඇප බැඳු­ම්ක­ර­යක් මත එහි ලියා­ප­දිංචි හිමි­ක­රුට මුදා හැරී­මට නියෝග ‍ෙකරිණි. ලොරිය රාජ­ස­න්තක නොකි­රී­මට හේතු දැක්වීමේ පරී­ක්ෂණ විභා­ගය 2025.04.29 වැනි­දාට කල් තැබිණ.

අත්ත­න­ගල්ල පොලී­සියේ පොලිස් කොස්තා­පල් ආර්.ඩබ්ලිව්.වී.ටී.එච්.ඇම්. රාජ­පක්ෂ (12015) මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT