සරම්ප රෝගය මේවන විට ඉතා සීඝ්රයෙන් පැතිරීගෙන යන බවත් මේ වනවිට බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් බලප්‍රදේශයේ රෝගීන් දොළොස් දෙනෙකුට සරම්ප වැලඳී ඇති බවත් 185 දෙනෙකු දැනටමත් හඳුනාගෙන ඇති බවත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම එක් රෝගියකුගෙන් දහඅටදෙනෙකුට මෙම රෝගය වැලඳෙන බවත් මෙමගින් මොළයට හානි සිදුවිය හැකි බව හා නිව්මෝනියාව, සමේ බිබිළි, උණ, උග්‍ර පාචනය මොළයේ ආසාදන තත්ත්ව, නොමේරූ සහ අඩු බර දරු උපත් සිදුවන බවත් වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තුළ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් සිටින බවත් ඒ පිරිස එකම එන්නතක්වත් ලබාගෙන නොමැති බවත් සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇති අතර සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා රෝග තුනම සඳහා එම්.එම්.ආර් එන්නත ලබාදීමට පියවර ගෙන ඇති අතර ‘සරම්ප විඳවන්නෙ නැතුව එන්නත විදගන්න’ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මකය.
ප්‍රදේශයක සිටින අයකු සතියේ සෙනසුරාදා දිනයේ පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැමිණ වෛද්‍යවරයා පරික්ෂා කිරීමෙන් පසු බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් මෙම එන්නත ලබාගත හැකි බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජී.බී.එස්. ගුණවර්ධන මහතා පවසයි.