Home » තනිව නි‍ෙවසේ විසූ 84 හැවි­රිදි කත­කගේ තුන් ලක්ෂයක් වටිනා දේපළ කොල්ල­කාලා

තනිව නි‍ෙවසේ විසූ 84 හැවි­රිදි කත­කගේ තුන් ලක්ෂයක් වටිනා දේපළ කොල්ල­කාලා

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

තනිව නි‍ෙවසේ විසූ 84 හැවි­රිදි කාන්තා­ව­කට අයත් රුපි­යල් 3,04,600ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කිසි­වකු විසින් මහ දවල් සොරා­ගෙන යන ලද සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මීග­හ­තැන්න පොලී­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

මීග­හ­තැන්න, ඉඳි­ග­ස්ගො­ඩැල්ලේ පදිංචි පිටි­ගල කංකා­නම්ගේ ප්‍රේම­වතී යන අය විසින් පොලී­සි­යට කරන ලද පැමි­ණිල්ල අනුව මෙම පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

ඉකුත් 18 වැනිදා උදේ 9.15ත් 10.15ත් අතර කාලයේ මෙම සොර­කම සිදුවී ඇතැයි පොලී­සිය පව­සයි.

තමා තනිව නි‍ෙවසේ වාසය කරන බවත් සිද්ධිය වූ දිනයේ උදේ 9.15 ට පමණ නි‍ෙවසේ පිටු­පස දොර අඩක් විවෘ­තව තබා අසල පිහිටි තේ ඉඩමේ දලු සෑදී ඇති­දැයි බැලී­මට ගිය බවත් ආපසු උදේ 10.15ට පමණ නි‍ෙව­සට පැමිණි බවත් ඇය පොලී­සි­යට කර තිබූ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

ඇඳේ කොට්ට, මෙට්ට ඇද දමා ඇති බව දැක පරික්ෂා කිරීමේ දී මෙට්ටය යට කහ පැහැති බෑග­යක තිබූ රුපි­යල් 4000ක මුද­ලක් ද, බෝල කූඩුවේ බෑග­යක දමා එල්ලා තිබූ රුපි­යල් 600ක මුද­ලක්ද, අල්මා­රියේ තිබූ රුපි­යල් 2,25,000ක් වටිනා රන් මාල­යක්, රුපි­යල් 75000ක් වටිනා රන් වළ­ල්ලක් හා අත් ඔර­ලෝසු දෙකක්ද සොරා­ගෙන ගොස් තිබූ බවත් ඇය කර තිබූ පැමි­ණිල්ලේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT