නිෙවසේ වහලය අලුත්වැඩියා කිරීමට වහලයට නැඟ සිටි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු ඉන් බිමට වැටීමෙන් පසු රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මරුමුවට පත්ව තිබේ.
කලවාන, කුකුලේගම පදිංචි අයි.ඩබ්ලිව්.ඒ. කරුණාපාල නමැති 74 හැවිරිදි පස් දරු පියකු පසුගිය 17 වැනිදා මෙම අනතුරට ලක්ව ඇතැයි රත්නපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් මෙම හදිසි මරණ පරීක්ෂණය සිදු කරන ලදි.
එහිදී සාක්කි දුන් මියගිය අයගේ බිරිය වන එම්.කේ. ශාන්ති දේවි මහත්මිය පැවසුවේ මේ දිනවල පවතින වර්ෂාපතනය නිසා නිෙවසේ වහලයේ තෙමෙන තැන් අලුත්වැඩියා කිරීමට තම සැමියා වහලයට නැඟ සිටි බවයි.
වහලයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට යද්දී සැමියා බිම ඇදවැටුණු බවත් 1990 ගිලන් රථයෙන් ඔහු කලවාන රෝහලටත් එතැනින් රත්නපුර ශික්ෂණ රෝහලටත් රැගෙන ගිය බවත් මියගිය අයගේ බිරිය පැවසුවාය.
රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දම්මි ලුවිස් හේවා මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද අතර මොළයට සහ කපාටවලට සිදු වූ හානි නිසා මරණය සිදුව ඇතැයි එහි දී ඇය නිගමනය කළේය.
කලවාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත මහතා සාක්ෂි මෙෙහයවිය. මෙම මරණය වහලයෙන් බිමට වැටීමෙන් වූ තුවාල නිසා සිදු වු මරණයක් බව ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමනය අනුව හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා නිගමනය කළේය.