31
ගම්පහ, ඉඹුල්ගොඩ සුනේත්‍රා දේවි කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ අරමුදලට ආධාර පිණිස පවත්වනු ලැබූ ‘පාසල් සිසු පොළ’ පසුගියදා විදුහල්පතිනි එස්.පී.සූරියආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම සිසු පොළේදී සිසු දරු දැරියන් විසින් කෑම වර්ග, එළවළු, පලතුරු ඇතුළු භාණ්ඩ රැසක් ඉතා සහනදායී මිලකට අලෙවි කළ අතර විදුහල්පතිනි එස්.පී. සූරියආරච්චි මහත්මියගේ මඟපෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය සහ දරුවන්ගේ මවුපියන් විසින් මෙම සිසු පොළ සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට මවුපියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.