Home » ඉත්ත­පාන – සඳ­පා­න­වත්ත පාර අබ­ලන්

ඉත්ත­පාන – සඳ­පා­න­වත්ත පාර අබ­ලන්

by Gayan Abeykoon
November 21, 2024 1:02 am 0 comment

මීග­හ­තැන්න සමූහ

කළු­තර දිස්ත්‍රි­ක්කයේ ඉත්ත­පාන – සඳ­පාන වත්ත පාරේ තැනින් තැන වළ­වල් හෑරී දැඩි ලෙස අබ­ලන් තත්ත්ව­ය­කට පත්ව තිබීම පිළි­බ­ඳව බල­ධා­රීන්ට කාල­යක් තිස්සේ පෙන්වා දුන්න ද ඔවුන් ඒ ගැන උන­න්දු­වක් නොදැ­ක්වීම නිසා, මේ වන­විට බල­වත් ගම­නා­ග­මන දුෂ්ක­ර­තා­වන් රැස­කට මුහු­ණ­පෑ­මට සිදු වී ඇතැයි ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

නිවාස 100කට අධික ප්‍රමා­ණ­යක ජීව­ත්වෙන ජන­තා­වට මෙන්ම අවි­ත්තාව ප්‍රධාන මාවතේ සිට දක්ෂිණ ලංකා අධි­වේගී මාර්ගයේ වැලි­පැන්න පිවි­සුම් දොර­ටුව වෙත ළඟා විය හැකි කෙටිම පාර මෙය වන බැවින්, මෙම අබ­ලන් මාර්ගය අලු­ත්වැ­ඩියා කිරීම කඩි­න­මින් සිදු කිරී­මට අවශ්‍ය වී ඇතැයි ඔවුහු පවසා සිටිති.

එබැ­වින් ඒ සඳහා තාව­කා­ලික පිය­ව­රක් ලෙස එහි යාබද පදිං­චි­ක­රු­වන්ගේ විය­ද­මින් ලබා ගත් කළු­ග­ල්ව­ලින් මෙම අබ­ලන් මාර්ගයේ ඇති ලොකු වළ­වල් සහිත ස්ථාන පුර­ව­මින් ප්‍රදේ­ශ­වා­සීන් ඒ සඳහා කෙටි පිළි­යම් යොදන අයුරු ඡායා­රූ­ප­යෙන් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT