කොළොන්නාව නගර සභාව මගින් සංවිධානය කරනු ලබන සාහිත්‍ය උත්සවයÓ සාහිත්යාභිමානී 2024Ó කොළොන්නාව මංගලපාය ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
නගර සභාවේ ලේකම් නෙළුම් කුමාරි මෙනෙවියගේ ආරාධනයෙන් කොළොන්නාව ටෙරන්ස් ඇන්.ද සිල්වා විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය දුම්බරගම සුමනවංශ හිමියෝ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධන, පළාත් පාලන සහකාර කොමසාරිස් මල්කාන්ති සිරිවර්ධන, වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත, කොළොන්නාව සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති දිප්ති මොල්ලිගොඩ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
යොහාන් විහේන්දු රණසිංහ මහතා විසින් ප්‍රධාන සාහිත්‍යය දේශනය පවත්වනු ලැබීය. සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය කළ සිසුන් සඳහා සහතිකපත් ප්රදානය කිරීම ද මෙහිදී සිදු විය. නගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරිනී එච්.ටී. දිල්හානි මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබිණි.