Monday, April 21, 2025
Home » ඕප­නා­යක – කැන්ද­කැ­ටිය මාර්ග­යට පස් කන්දක්

ඕප­නා­යක – කැන්ද­කැ­ටිය මාර්ග­යට පස් කන්දක්

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

ලසන්ත නිරෝ­ෂණ පෙරේරා

පව­තින වර්ෂා­ප­ත­නය නිසා ඕප­නා­යක – කැන්ද­කැ­ටිය මාර්ග­යට පෙරේදා (19) අලු­යම පස් කඳු කඩා­වැ­ටී­මෙන් එහි වාහන ගම­නා­ග­ම­නය සම්පූ­ර්ණ­යෙන්ම නතර වී ඇති බව රත්න­පුර ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය පව­සයි.

මේ නිසා ප්‍රදේ­ශ­වා­සීහු දැඩි දුෂ්ක­ර­තා­වට ලක්ව සිටිති. ප්‍රාදේ­ශීය සභාව සහ ඕප­නා­යක පොලී­සිය මැදි­හත්ව කඩා­වැ­ටුණු පස් සහ ගල් ඉවත් කර­මින් ඇතැයි රත්න­පුර ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය පව­සයි.

ඕප­නා­යක – කැන්ද­කැ­ටිය මාර්ගය වතු­කන්ද ප්‍රදේ­ශ­යෙන් මෙලෙස අව­හි­රවී තිබේ. පස් කන්ද කඩා­වැ­ටුණු ස්ථාන­යට ඉහළ ප්‍රදේ­ශයේ අන­තු­රු­දා­යක ගල් කිහි­ප­යක් ඇති බව ද ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

මෙම ප්‍රදේ­ශයේ ඉහළ කොටසේ නිවාස කිහි­ප­යක පදිං­චි­ක­රු­වන් ද සිටින බැවින් එම ප්‍රදේ­ශයේ අව­දා­නම් තත්ත්වය ගැන ද ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නය විසින් පරික්ෂා කිරී­මට නිය­මි­තව ඇතැයි ද ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT