Home » පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක බිත්ති­යක් කඩාවැටී අයෙක් මරුට

පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක බිත්ති­යක් කඩාවැටී අයෙක් මරුට

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

කොල්ලු­පි­ටිය, 25 වැනි පටු­මගේ පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක බිත්ති­යක් කඩා වැටී­මෙන් පුද්ග­ල­යෙකු මිය­ගොස් ඇතැයි කොල්ලු­පි­ටිය පොලී­සිය පව­සයි.

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ නමු­ණු­කුල ආරා­වත්ත පදිං­චිව සිටි 38 හැවි­රිදි පුද්ග­ල­යෙකි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් 24 හැවි­රිදි කොන්ත්‍රා­ත්කරු පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­ව­ට­ගෙන ඇත.

මර­ණ­කරු විසින් ඉහත ලිපි­නයේ පිහිටි පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක් කඩා ඉවත් කිරීමේ කට­යුතු සිදු කර­මින් සිටි­යදි මෙම අන­තු­රට ලක්ව ඇති බව පොලී­සිය සඳ­හන් කරයි. කොන්ත්‍රා­ත්කරු විසින් සේවය කරන ලද සේව­ක­යින්ගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් කිසිදු ක්‍රියා­මා­ර්ග­යක් අනු­ග­ම­නය කර නොමැති බවට නිරී­ක්ෂ­ණය වී ඇතැයි පොලී­සිය වැඩි­දු­ර­ටත් පව­සයි.

කොන්ත්‍රා­ත්ක­රුගේ නොසැ­ල­කිල්ල මත මෙම මර­ණය සිදුවී ඇති බවට දැනට සිදු­ක­රන ලද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇති අතර ඒ අනුව කොන්ත්‍රා­ත්කරු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් කොන්ත්‍රා­ත්කරු නුගේ­ගොඩ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි.

සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT