කොල්ලුපිටිය, 25 වැනි පටුමගේ පැරණි ගොඩනැඟිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොල්ලුපිටිය පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ නමුණුකුල ආරාවත්ත පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොන්ත්රාත්කරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
මරණකරු විසින් ඉහත ලිපිනයේ පිහිටි පැරණි ගොඩනැඟිල්ලක් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. කොන්ත්රාත්කරු විසින් සේවය කරන ලද සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.
කොන්ත්රාත්කරුගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඒ අනුව කොන්ත්රාත්කරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් කොන්ත්රාත්කරු නුගේගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.