Home » සැමි­යාගේ වධ හිංසා දරාගත නොහැ­කිවූ බිරිය තුන්වැනි මහ­ලින් බිමට

සැමි­යාගේ වධ හිංසා දරාගත නොහැ­කිවූ බිරිය තුන්වැනි මහ­ලින් බිමට

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක හල්තොට - විනීතා මානෙල් ගමගේ

වස්ක­ඩුව ගාලු පාරේ තෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ල­කින් ඇද වැටී කාන්තා­වක තුවාල ලබා රෝහ­ල්ගත කර ඇති බව කළු­තර උතුර පොලී­සිය පව­සයි.

මෙසේ රෝහ­ල්ගත කර ඇත්තේ මාතර, වැලි­ගම ප්‍රදේ­ශයේ පදිංචි 29 හැවි­රිදි කාන්තා­වක බව පොලී­සිය පව­සයි.

රෝහ­ල්ගත කර ඇති කාන්තා­වගේ සැමියා ඇයව හැර දමා අනි­යම් බිරිය සමඟ එම තෙම­හල් ගොඩ­නැ­ඟිල්ලේ ඉහ­ළම මහලේ මාස තුනක පමණ සිට පදිං­චිව සිට ඇත. ඇය හෝමා­ගම ප්‍රදේ­ශයේ සුපිරි වෙළෙ­ඳ­ස­ලක රාජ­කාරි කර­මින් සිට ඇති අතර, දින දෙක­කට පෙර තවත් පුද්ග­ල­යෙකු සමඟ මෝටර් රථ­ය­කින් බල­හ­ත්කා­ර­යෙන් රැගෙන විත් රඳ­වා­ගෙන සිට ඇති බවට තොර­තුරු ලැබී ඇතැයි ද පොලී­සිය පව­සයි.

රෝහ­ල්ගත කර ඇති කාන්තාව පෙරේදා (19) රාත්‍රී රෙදි පටි­ව­ලින් සැකසූ ආධා­ර­ක­ය­කින් ජනේ­ල­ය­කින් පැන පහ­ළට බැසී­මට උත්සාහ කිරී­මේදී ඇද වැටී ඇති බවට මෙතෙක් කළ පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව ඇතැ­යිද පොලී­සිය පව­සයි.

තුවාල ලැබූ කාන්තාව කළු­තර ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය.

සැක­කාර සැමියා සහ ඔහුගේ අනි­යම් බිරිය ද, තුවාල ලැබූ කාන්තාව මෝටර් රථ­යක නංවා­ගෙන පැමිණි අනෙක් පුද්ග­ලයා ද අත්අ­ඩං­ගු­ව­ට­ගෙන තිබේ.

සැක­ක­රු­වන් කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT