Sunday, April 20, 2025
Home » යාප­නය-චෙන්නායි ගුවන් ගමන් එක් ගුව­න්යා­න­ය­කට පම­ණක් සීමා වේ

යාප­නය-චෙන්නායි ගුවන් ගමන් එක් ගුව­න්යා­න­ය­කට පම­ණක් සීමා වේ

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාප­නය හා චෙන්නායි අතර ගුවන් සේවා කට­යුතු ඊයේ (20) සිට එක් ගුව­න්යා­න­ය­කට පම­ණක් සීමා වන බව නිවේ­ද­නය කොට තිබේ.

යාප­නය හා චෙන්නායි අතර මේ දක්වා ගුවන් සමා­ගම් තුන­කට අයත් යානා පියා­සර කළ නමුත් මින් ඉදි­රි­යට එක් ගුවන් සමා­ග­ම­කට පම­ණක් අයත් එක් යාන­යක් පම­ණක් මේ සේවාව සඳහා යොදවා තිබේ.

අනෙක් ගුවන් සමා­ගම් දෙක ඔවුන්ගේ ගුවන් ගමන් නවතා දැමී­මට හේතුව මෙතෙක් දැනුම් දී නොමැත.

කෙසේ වෙතත් අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය නිසා මේ වන විට කන්ක­ස­න්තුරේ හා ඉන්දි­යාවේ නාග­ප­ට්නම් අතර මගී නැව් සේවය ද නවතා දමා තිබේ.

ඉන්දි­යාව හා යාප­නය අතර නැව් සේවාව නත­ර­වී­මත් ගුව­න්යානා එක­කට පම­ණක් ගුවන් ගමන් සීමා වීමත් නිසා උතුරේ මගීහු දැඩි අප­හ­සු­තා­ව­කට පත්ව සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT