28
මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ මුහුද රළු වන දිනවල නිලාවේලි පරෙවි දූපතට බෝට්ටු මඟින් සංචාරකයන් ප්‍රවාහනය කිරීම සීමා කිරීම මේ දිනවල සිදුවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ තත්ත්වය තවදුරටත් වෙනස් වී වාරකන් සමඟ දෙසැම්බර් මාසයේ ආරම්භ වන විට පරෙවි දූපත උද්‍යානය වසා දැමීමට සිදු වන බව උද්‍යාන භාරකරු මංජුල මොරතැන්න මහතා පැවසීය.
මෙය වසරේ සෑම දෙසැම්බර් මාසයේ සිට මාස කිහිපයකට බලපැවැත්වෙන තත්ත්වයක් බවද උද්‍යාන භාරකරු වැඩිදුරටත් පැවසීය.