කාලයක සිට ඩුබායි රාජ්‍යයේ සිට අනුරාධපුරයට හෙරොයින් මත් කුඩු බෙදා හරින ‘පාදුක්ක’ නමැත්තාගේ ගෝලයකු රුපියල් ලක්ෂ පනහකට වැඩි හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, පණ්ඩුලගම, පොතානේගම, ජනහිත මාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක විවාහකයෙකි. සැකකරුට පිටරට සිට එවනු ලබන හෙරොයින් මත්ද්‍රව්‍ය අනුරාධපුර විවිධ ප්‍රදේශවල ස්ථානගත කර, ‘ඊසි කෑෂ්’ ක්‍රමයට සහ ‘එම් ක්‍රෑෂ්’ ක්‍රමයට අලෙවි කරමින් බිරිය සමඟ මෙම මත්කුඩු ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඩුබායි සිට අනුරාධපුරයට මත්කුඩු එවන ‘පාදුක්ක’ නමැත්තාගේ ගෝලයන් 10 දෙනකු මෑත කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සඳහන් කළේය.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව මාසයකට වැඩි කාලයක් තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ආවේක්ෂණ රාජකාරී සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු දුරකතන විශ්ලේෂණ වාර්තාවලට හසු නොවන පරිදි සැකකරු නව තාක්ෂණය ඔස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබූ බවයි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60ක ප්‍රමාණයක් තිබී හමුවූ අතර, අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.