නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා රචිත ග්‍රන්ථ දෙකක් එළි දැක්වීම ලබන 23දා පස්වරු 04.00ට බදුල්ල සේනානායක උද්‍යානයේදී සිදු කෙරේ.
බදුලු පොත් වසන්තයට සමගාමීව එළිදැක්වෙන එක් ග්රන්ථයක් වන “විල මැද සටන“ නම් කෙටි නවකතාව සෝවියට් රුසියානු ගත් කතුවරයකු වන කොන්ස්තන්තීන් පවුස්තොව්ස්ති මහතා රුසියානු භාෂාවෙන් රචිත මෙම ග්‍රන්ථය නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සිංහලට පරිවර්තනය කර තිබේ.
එළිදැක්වෙන අනෙක් ග්‍රන්ථය වන “ විද්‍යාව හා මිනිස් මොළයේ අබිරහස් “ යන ග්‍රන්ථය විද්‍යාව හා මිනිස් මොළය පිළිබඳ පර්යේෂණ විද්‍යා ලිපි එකතුවක් මෙම ග්රන්ථයට ඇතුළත් කර තිබේ.