මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් ළඟ තබාගත් පුද්ගලයකු අඟුණකොලපැලැස්ස පොලිස් වසමට අයත් ගුරුවල ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අඟුණකොලපැලැස්ස පොලීසිය පැවැසීය.
සැකකරු නීති විරෝධී ගල්කටස් ගිනිඅවියක් ළඟ තබාගෙන සිටින බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත ඉකුත් 18 වැනිදා රාත්‍රී සිදුකළ සෝදිසියකදී ගල්කටස් ගිනිඅවිය සැකකරු නිදාගන්නා ඇඳේ කොට්ටය යට සඟවා තිබියදී සොයාගත් බව පොලීසිය පැවැසීය. සැකකරු අඟුණකොලපැලැස්ස, ගුරුවල ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි ගොවියෙකි. ඔහු නීති විරෝධී මත්පැන් පෙරා අලෙවි කරන අයකු බවට තොරතුරු අනාවරණය වූ බවද පොලීසිය පැවැසීය. සැකකරු පෙරේදා (19) අඟුණකොලපැලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අඟුණකොලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.