Home » විකල්ප බල­ශක්ති භාවි­තය ගැන පෝතක බාල­ද­ක්ෂ­යින්ට වැඩ­මු­ළු­වක්

විකල්ප බල­ශක්ති භාවි­තය ගැන පෝතක බාල­ද­ක්ෂ­යින්ට වැඩ­මු­ළු­වක්

by Gayan Abeykoon
November 21, 2024 1:02 am 0 comment

කටු­ග­ස්තොට සමූහ - එස්.ජී. විජේ­රත්න

වර්ත­මා­නයේ ලොව පව­තින ප්‍රබල බල­ශක්ති අර්බු­දය හමුවේ බල­ශක්ති කාර්ය­ක්ෂ­ම­තා­වය හා විකල්ප බල­ශක්ති භාවි­තය පිළි­බ­ඳව පෝතක බාල­ද­ක්ෂ­යින් දැනු­ම්වත් කිරීමේ වැඩ­මු­ළු­වක් මහ­නු­වර වාරි­ය­පොළ සුමං­ගල විදු­හල් ශ්‍රව­ණා­ගා­රයේ දී පැව­ත්විණි.

විදු­ලි­බල හා බල­ශක්ති, නිවාස සහ ඉදි­කි­රීම් අමා­ත්‍යාං­ශය මඟින් මධ්‍යම පළාත තුළ බල­ශක්ති සංර­ක්ෂ­ණය හා විකල්ප බල­ශක්ති භාවි­තය සම්බ­න්ධව දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන් මාලා­වක් ක්‍රියා­ත්මක කර ඇති අතර එහි එක් පිය­ව­රක් වශ­යෙන් මෙම වැඩ­මු­ළුව පව­ත්වනු ලැබීය. මධ්‍යම පළාත් මාර්ග සංව­ර්ධන, ප්‍රවා­හන, විදු­ලි­බල හා බල­ශක්ති සහ නිවාස හා ඉදි­කි­රීම් අමා­ත්‍යාං­ශයේ ලේකම් මදු­පානි පිය­සේන මහ­ත්මි­යගේ මඟ­පෙ­න්වී­මෙන් හා නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම­ස­ම්පා­දන) එරන්දි කුමා­රගේ මහ­ත්මි­යගේ මෙහෙ­ය­වී­මෙන් මෙම වැඩ­මු­ළුව පැව­ත්විණි.

සුමං­ගල විද්‍යා­ලයේ විදු­හ­ල්පති දේශ­ප්‍රිය රත්නා­යක මහ­තාගේ ඉල්ලී­ම­කට අනුව මෙම දැනු­ම්වත් කිරීමේ වැඩ­මු­ළුව පව­ත්වනු ලැබූ අතර විදුලි බල හා බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ රත්න­මාලා ගුණ­රත්න හා ආශා තිල­ක­රත්න යන මහ­ත්මීහු මේ සඳහා සම්පත් දාය­ක­ත්වය සැපයූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT