බළන්ගොඩ ප්රදේශයේ වගා කර ඇති තේ වගාවල අමු තේ දලුවලට මේ දිනවල සුදුබුබුළු අංගමාර නමැති දිලීර රෝගයක් හටගෙන ඇති බවත් ඒ හේතුවෙන් අමු තේ දලු අස්වැන්න සියයට පනහකින් පමණ අඩු වී ඇති බවත් ප්රදේශයේ කුඩා තේ වතු හිමියෝ සඳහන් කරති.
ළපටි තේ දල්ලේ සුදු පැහැති සහ දුඹුරු පැහැති පුල්ලි හටගෙන පසුව ළපටි තේ දල්ල බිමට වැටීම රෝගයේ ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇති බව තේ වගාකරුවෝ පවසති. මේ දිනවල ප්රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ පවතින මිහිදුම් තත්ත්වය සහ සීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම බුබුළු අංගමාර නමැති දිලීර රෝගය තේ දල්ලට හටගෙන තිබේ.
මේ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් පමණක් නොව දෛනිකව ලැබෙන අමු තේ දලු අස්වැන්න අඩු වීම හේතුවෙන් තමන් ද අර්බුදයකට මුහුණ පා ඇතැයි ප්රදේශයේ තේ වෙළෙන්ඳන් සහ තේ කර්මාන්තශාලා හිමියන් පෙන්වා දෙති.