Monday, April 21, 2025
Home » මහ­වැලි බී කලා­ප­යට රිංගන අලි­න්ගෙන් ජන ජීවි­ත­ව­ලට ගැටලු රැසක්

මහ­වැලි බී කලා­ප­යට රිංගන අලි­න්ගෙන් ජන ජීවි­ත­ව­ලට ගැටලු රැසක්

දේපොළ වනසා කෑම බීමත් රැගෙන ගිහින්

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ, ඇළ­හැර සමූහ, ලංකා­පුර සමූහ

පොලො­න්න­රුව, දිඹු­ලා­ගල සහ වැලි­කන්ද කොට්ඨා­සයේ මේ දින­වල නිර­න්ත­රව පව­තින වන­අලි තර්ජන හේතු­වෙන් ගම්මාන රැසක ගොවි ජන­තාව දැඩි අසී­රු­තා­වට පත්ව සිටිති.

වැලි­කන්ද ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ගම්මාන රැස­කට මෙන්ම දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මන­ම්පි­ටිය, මෙත්සි­රි­ගම, සිංහ­උ­දා­ගම, දළු­කාන මෙන්ම ගම්මාන රැසක සැරි­ස­රන වන­අලි රංචු­වක් තමන්ගේ නිවා­ස­ව­ලට පූර්ණ හා අර්ධ වශ­යෙන් හානි සිදු කර­මින් තිබෙන බව ගොවීහු පෙන්වා දෙති. ඔවුන් කියා සිටියේ, ගතවූ සතිය ඇතු­ළත මන­ම්පි­ටිය, මහ­වැව, මෙත්සි­රි­ගම, සිංහ උදා­ගම, ඇතුළු ගම්මාන කිහි­ප­යක පිට පිට නිවාස කිහි­ප­යක් බිඳ­දමා ඇති අතර, නිවාස තුළ නිවැ­සි­යන්ගේ ආහා­ර­යට තිබූ වී මලු, හාල්, ඇතුළු ආහාර ද්‍රව්‍ය පවා විනාශ කර ඇති බවයි.

මාදු­රු­ඔය, සෝමා­ව­තිය, වස්ග­මුව යන ජාතික වනෝ­ද්‍යා­න­ව­ලින් නිර­න්ත­ර­යෙන්ම ගම්ව­දින වන­අලි රක්ෂි­ත­වල සැඟව සිටි­මින් රාත්‍රී කාලයේ ගම්ව­ලට පැන ජීවිත හා දේපො­ළ­ව­ලට දැඩි ලෙස හානි කරන බවද මහ­වැලි බී කලා­පයේ ගොවි සංවි­ධාන නියෝ­ජි­ත­යන් සහ ගොවීහු ප්‍රකාශ කරති. රජය මඟින් ඉදි­ක­රනු ලැබ තිබෙන බොහෝ අලි වැට­වල් කඩා­ගෙන වන­අලි ගම් තුළට පැමි­ණී­මත්, ඇතැම් විදුලි වැට අක්‍රිය තත්ත්වයේ පැව­තී­මත්, වන­අලි ගම් වැදී­මට ප්‍රධාන හේතු­වක් වී ඇති බවද ගොවීහු පෙන්වා දෙති. එමෙන්ම ජාතික වනෝ­ද්‍යා­න­වල සහ රක්ෂි­ත­වල සිදු­වන අප­රා­ධ­යන්, විනා­ශ­යන් මෙන්ම දඩ­ය­ම්ක­රු­වන්ගේ ක්‍රියා­කා­ර­කම් හේතු­වත් ඇතැම් මී ගව­යන් සහ එළ ගව­යන් ජාතික වනෝ­ද්‍යා­න­වල සැරි­සරා අලින්ට තිබෙන ආහාර ගැනී­මත්, ඒ හේතු­වෙන් වනා­න්ත­ර­වල ආහාර හිඟ­යක් ඇති­වී­මත් වන­අලි ගම් වැදී­මට ප්‍රධාන වශ­යෙන් බලපා ඇති බවද ඔවුහු කියා සිටිති.

මහ­වැලි බී කලා­පයේ පව­තින අලි මිනිස් ගැටුම පිළි­බඳ අප එම කලා­පයේ නේවා­සික ව්‍යාපාර කළ­ම­නා­කාර සුගත් වීර­සිංහ මහ­තා­ගෙන් දුර­ක­ත­න­යෙන් කළ විම­සී­ම­කදී සඳ­හන් කළේ, මහ­වැලි බී කලා­පය ආව­ර­ණය ඉදි­කි­රී­මට අලි වැට 15ක් යෝජනා වී ඇති බවත්, ඉන් අලි වැට කිහි­ප­යක් වැලි­කන්ද, සිංහ­පුර, පැර­කු­ම්යාය ගම්මාන ආව­ර­ණය වන පරිදි ඉදි කළ බවත්ය. ඉන් අලි ගම්වැ­දීම වළක්වා ගැනී­මට හැකි වී තිබෙන බවද ඒ මහතා සඳ­හන් කළේය. කලා­පයේ පව­තින අලි මිනිස් ගැටුම් පිළි­බ­ඳව අප වැලි­කන්ද, මන­ම්පි­ටිය, වෙහෙ­ර­ගල, යන වන­ජීවී කාර්යා­ල­ව­ලින් දුර­ක­ත­න­යෙන් කළ විම­සී­මේදි ඔවුන් සඳ­හන් කළේ සාමා­න්‍ය­යෙන් වනා­න්ත­ර­වල පව­තින ආහාර හිඟ­යත්, ඒ තුළ සිදු­වන මිනිස් ක්‍රියා­කා­ර­කම් හේතු­වෙ­නුත් කලා­පයේ අලි මිනිස් ගැටුම වැඩි වී ඇති අතර, ඕනෑම අව­ස්ථා­ව­කදි ගම්ව­දින වන­අලි පලවා හැරී­මට අවශ්‍ය කට­යුතු කර ඇති බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT