Home » නිවෙස මතට පස් කන්දක් කඩා වැටී නිදා සිටි පාසල් සිසුවා මරු දකී

නිවෙස මතට පස් කන්දක් කඩා වැටී නිදා සිටි පාසල් සිසුවා මරු දකී

යාබද කාම­ර­යක සිටි සීයාට සහ ආච්චි­ටත් තුවාල

by Gayan Abeykoon
November 21, 2024 1:02 am 0 comment

අසේල කුරු­ළු­වංශ

අධික වර්ෂා­වත් සමඟ තෙල්දෙ­ණිය මැද­දු­ම්බර මොර­ග­හ­මුල ප්‍රදේ­ශයේ නිවෙ­සක් මතට කඩා­වැ­ටුණු පස් කන්ද­කට යට වී 16 හැවි­රිදි පාසල් සිසු­වකු මිය­ගොස් ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය ඊයේ (20) අලු­යම 4.30ට පමණ සිදුව තිබෙන බව තෙල්දෙ­ණිය පොලී­සිය පව­සයි. මිය­ගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒ. ගයාන් නමැති සිසු­වෙකි.

පස් කන්දට පහ­ළින් වූ කාම­ර­යක මෙම සිසුවා නිදා සිට ඇති අතර, ඊට යාබ­දව පිහිටි කාම­ර­යක සිටි සිසු­වාගේ සීයා සහ ආච්චිද තුවාල ලබා ප්‍රති­කාර සඳහා මැද­ම­හ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ ප්‍රදේශ ගණ­නා­ව­කට ඊයේ (20) දහ­වල් සිට අධික වැසි පතිත වූ අතර මැද­දු­ම්බර මොර­ග­හ­මුල ප්‍රදේ­ශ­යට ඇද­වැ­ටුණු වැසි සමඟ අදාළ නිවෙ­සට ඉහ­ළින් වූ පස් කන්ද නාය යෑමෙන් මෙම අන­තුර සිදුව ඇත.

පස් කන්දට යට වූ දරුවා ප්‍රදේ­ශ­වා­සීන් එක්ව මහත් පරි­ශ්‍ර­ම­යක් දරා ගොඩ­ගෙන රෝහ­ල්ග­ත­කර කිරී­මට රැගෙන යන අව­ස්ථාවේ දී මිය­ගොස් තිබෙන බව වාර්තා වේ. තෙල්දෙ­ණිය පොලී­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT