දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු සඳහා 19, 20 යන දින දෙකේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාර්ථකව පැවති බවත්, පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 200කට වැඩි පිරිසක් සහභාගි වූ බවත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි.
එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීම සහ විද්යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සලකුණු ලබාගැනීම ඇතුළු කටයුතු සිදු විය.
මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකමද මෙවර සලසා දී තිබිණි.