අමෙරිකානු විද්‍යාල සහ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 10%කින් වැඩි වී තිබෙන බව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. එරට මඟින් පිරිනමනු ලබන අධ්‍යයන අවස්ථා සහ වෘත්තීය අවස්ථා හේතුවෙන් මේ වැඩි වීම පෙන්නුම් කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සඳහන් කරයි.
ජාත්‍යන්තර අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් පිළිබඳ එක්සත් ජනපද වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී තිබෙන අතර, මෙසේ වැඩි වූ පිරිස් නිසා ජාතීන් දෙක අතර ශක්තිමත් අධ්‍යාපනික සබඳතා පිළිබිඹු වන බවද තානාපතිනිය පෙන්වා දෙයි.
එමෙන්ම EducationUSA වැනි වැඩසටහන් මඟින්, මේ සංස්කෘතික හුවමාරුව සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට සහාය වීමට ඔවුන් කැප වී සිටින බවද එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමෙන් සලසා දිය හැකි අවස්ථා සලකා බැලීමට තමා තවතවත් ශ්‍රී ලාංකික සිසුන් දිරිමත් කරන බවද ඇය සඳහන් කරයි.
මේ වාර්තාවට අනුව, ශ්‍රී ලාංකික සිසුන් ඔවුන්ගේ ශක්තිමත් STEM වැඩසටහන්, උසස් පර්යේෂණ පහසුකම් සහ ප්‍රායෝගික පුහුණුව සඳහා ඇති අවස්ථා සඳහා විශේෂයෙන් එක්සත් ජනපද ආයතන වෙත ආකර්ෂණය වන බව සඳහන් කරන ඒ මහත්මිය මෙම සිසුන්ගෙන් බොහෝ දෙනකු උපාධි මට්ටමේ අධ්‍යාපනය හදාරන්නේ රටවල් දෙකම සමඟ ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන වෘත්තිකයන්ගේ ජාලයට සම්බන්ධ වීමට බවද කියාසිටී. වසරක් සඳහා රටවල් 210කට වැඩි සංඛ්‍යාවකින් ජාත්‍යන්තර සිසුන් මිලියන 1.12ක ඉහළම අගයක් එක්සත් ජනපදයට පැමිණෙන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.