Home » පොලො­න්න­රුව පොහොර සහ­නා­ධාර රු.කෝටි 3.2ක් මුදා­හැර අව­සන්

පොලො­න්න­රුව පොහොර සහ­නා­ධාර රු.කෝටි 3.2ක් මුදා­හැර අව­සන්

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහ­නා­ධා­රය වශ­යෙන් පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ ගොවීන් සඳහා ඊයේ (20) වන විට රුපි­යල් කෝටි 3.2කට ආසන්න මුද­ලක් (මිලි­යන 31.8 ක්) මුදා­හැර ඇති බව ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රාල් යූ.බී. රෝහණ රාජ­පක්ෂ මහතා පැව­සීය.

දින­මිණ කළ විම­සු­ම­කදී ඒ මහතා පැව­සුවේ මේ මුදල් අද (21) සිට පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ ගොවින්ගේ බැංකු ගිණුම් වෙත බැර වනු ඇති බවයි.

මේ මුදල ගොවීන් 2,264ක් අතර ‌රුපියල් 15,000 බැගින් බෙදා­හැ­රෙන අතර වගා කෙරෙන කුඹුරු ප්‍රමා­ණය හෙක්ට­යාර 2,124කි.

මෙයට අම­ත­රව ඒ දිස්ත්‍රි­ක්කයේ මහ කන්නයේ වී වගාව ඉදි­රි­යේදී අර­ඹන අනෙක් ගොවීන් සඳහා පොහොර සහ­නා­ධා­රය පිරි­නැ­මී­මට සඳහා මහා­භා­ණ්ඩා­ගා­ර­යෙන් තවත් රුපි­යල් කෝටි 6.3ක් (මිලි­යන 63ක්) ඉල්ලා ඇතැ­යිද ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා කීය. මේ මුදල් ගොවීන් 4,346 දෙන­කුගේ ගොවි ගිණු­ම්ව­ලට බැර කිරී­මට නිය­මිත අතර, ඒ අනුව ඒම දිස්ත්‍රි­ක්කයේ පොහොර සහ­නා­ධාර ප්‍රති­ලාභී ගොවීන් සංඛ්‍යාව 6,700කි.වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමා­ණය හෙක්ට­යාර 6,270කි. ඒ අනුව පොහොර සහ­නා­ධා­රය ලෙස පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ ගොවීන් සඳහා ලබා දීමට සැල­සුම් කර ඇති මුදල රුපි­යල් කෝටි 9.4කි.

පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ ගොවීන් වෙත රජයේ පොහොර සහ­නා­ධා­රය ප්‍රමාද කෙරෙන බවට  සහ ඒ පිළි­බඳ විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් පිරිස් පසු­ගිය දින­වල සිදු කළ බවද මෙහිදී  පෙන්වා දුන් ගොවි­ජන සේවා කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා අව­ධා­ර­ණය කළේ මහ කන්නයේ වී වගාව ආරම්භ කළ බව පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ ගොවීන් කළ දැනුම් දීමත් සමඟ අද(21) සිට මේ මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරී­මට කට­යුතු සම්පා­ද­නය කළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT