ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් නැවත ලබාදීමේ පදනම මත ගත් රුපියල් මිලියන හැත්තෑවක (70) මුදලක් ආපසු නොදී වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලට අදාළව ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඔහුගේ නීතිඥවරයා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ ඊයේ (20) මෝසමක් ගොනු කරනු ලැබීය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුෙවන් ද කරුණු විමසීම අවශ්‍යය බැවින් ඉදිරි නඩු දිනයක් (ලබන 26) ලබා දෙනු ලැබුවාය.
විදේශීය බැංකුවල ඇති මුදල්වල වාර්තාවන් ලබා ගැනීමට සඳහා විදේශගතවීමට අවශ්‍ය වී ඇති බැවින් දැනට පනවා ඇති විදේශගතවීමේ තහනම ඉවත් කරන ලෙස සැකකාර විරංජිත් තාඹුගල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළේය.
අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින් පෞද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
දින පහළොවක් ඇතුළත නැවත ලබා දෙන පොරොන්දුව මත මෙම රුපියල් මිලියන හැත්තෑවක මුදල සැකකරු විසින් ලබාගෙන ඇති බවත්, මෙයින් සැකකරු අපරාධමය වරදක් සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයමාන්න මහතා අධිකරණයේ පෙනී සිටියේය.