ඌරුබොක්ක නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරන පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා පෙරේදා (19) රාත්‍රී ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ, බෙරලපනාතර, පට්ටිගල, දන්ලන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කංකානම්ගේ සරත් තුසිත කුමාර නමැති එක්දරු පියකු බවද පොලීසිය පැවැසීය.
මියගිය පුද්ගලයා පෙරේදා (19) රාත්‍රී 8.50ට පමණ ඔහුගේ නිෙවසට ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක ජල කරාමයකින් ගැලුමකට වතුර පුවරාගෙන තම නිෙවසේ පිටුපස දොරෙන් ඇතුළුවනවාත් සමඟම කිසියම් අයකු තියුණු ආයුධයකින් ඔහු කපා කොටා ඇතැයි පොලීසිය කියයි.
බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බිරිය විසින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) දින අලුයම මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා පට්ටිගල දන්ලන්දවත්ත අසල පොල්, පුවක් ඇතුළු මෙරට ද්‍රව්‍ය මිලදී ගන්නා වෙෙළඳසලක් පවත්වාගෙන යන අතර දිවා කාලයේදී ඔහුගේ බිරිය වෙෙළඳසලෙහි සිටින බවත් පොලීසිය කියයි.
වෙෙළඳසැලේ පිටුපස කොටසේ මියගිය පුද්ගලයා බිරිය හා දරුවා ඇතුළු පිරිස පදිංචිව සිට ඇති අතර බීමට ජලය රැගෙන පැමිණෙන අතරතුර ඝාතනයට ලක්ව ඇති බවට පොලීසිය පැවැසීය.
සිද්ධිය වූ ස්ථානයට මාතර ස්ථානීය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් (සොකෝ) පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළේය.
එහිදී ඝාතනය සිදුවූ නිෙවසට කිලෝමීටර් දෙකක් පමණ දුරක පිහිටි අගාවුඩ් ගස් සිටුවා ඇති ඉඩමක ගසක් මුල දමා ගොස් තිබූ ඩෙනිම් කලිසමක් වත්තේ වැඩ කරමින් සිටි සේවකයකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබිණි. ඒ අනුව මාතර නිල සුනඛ ඔෂ්කා ගෙන්වා ඩෙනිම් කලිසම ඉව කිරීමට සලස්වා ඒ ඔස්සේ ගිය සුනඛයා ඝාතනය සිදුවූ නිෙවසට කිලෝමීටරයක් පමණ දුරක පිහිටි වසා දමා ඇති නිෙවසක් අසල නතර වී ඇත. ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.