Home » යුක්රේ­න අග­නු­ව­රට ගුවන් ප්‍රහා­ර­ අව­දා­න­මක්

යුක්රේ­න අග­නු­ව­රට ගුවන් ප්‍රහා­ර­ අව­දා­න­මක්

තානා­පති කාර්යාල රැසක් වසා දමයි

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

යුක්රේ­නයේ කීෆ් අග­නු­ව­රට ගුවන් ප්‍රහා­ර­යක් එල්ල වීම සම්බ­න්ධව සැල­කිය යුතු ආකා­රයේ තොර­තුරු ලැබී ඇති බැවින් එහි අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය වසා දැමී­මට පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සම­ඟම කීෆ් නුවර පිහිටි ස්පාඤ්ඤ සහ ග්‍රීක තානා­පති කාර්යාල ද වසා දැමී­මට තීර­ණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

යුක්රේ­නයේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ල­යට ලැබුණු බුද්ධි තොර­තුරු මත මේ පිය­වර ගෙන ඇති අතර, එම අන­තුරු ඇඟ­වී­මත් සමඟ කීෆ් අග­නු­වර අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලයේ කාර්ය මණ්ඩ­ල­යට සිය නවා­තැ­න්වල ආර­ක්ෂා­කා­රීව සිටින ලෙසට උප­දෙස් ලබා දී ඇති අතර, ගුවන් ප්‍රහා­ර­යක අන­තුරු ඇඟ­වී­මක් නිකු­ත්වී­ම­කදී වහාම ආර­ක්ෂක උප­දෙස් පිළි­ප­දින ලෙස යුක්රේ­නයේ සිටින අමෙ­රි­කානු පුර­වැ­සි­ය­න්ගෙන් ද එරට තානා­පති කාර්යා­ලය ඉල්ලී­මක් කර ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT