Home » බවුමා ශ්‍රී ලංකාවට එරෙහිව එයි

බවුමා ශ්‍රී ලංකාවට එරෙහිව එයි

by sachintha
November 20, 2024 2:10 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා නිත්‍ය නායක ටෙම්බා බවුමා යළි කැඳවා තිබේ.

ආබාධයකට ලක්ව සිට ඉන් සුවවීම හේතුවෙන් යළි නායකයා ලෙස බවුමා එක්වූ සංචිතයට ක්‍රීඩකයන් 14 දෙනකු ඇතුළත් කර තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී කොදෙව් පිලට එරෙහිව අවසන් වරට ටෙස්ට් තරගයකට එක් වූ බවුමාට වැලමිටක ආබාධයකට ලක්වීම නිසා බංග්ලාදේශ සංචාරය අහිමි වූ අතර, එහිදී ටෙස්ට් පිල ඒඩ්න් මාක්‍රම් විසින් මෙහෙයවීය.

මීට අමතරව මාර්කෝ ජන්සෙන් සහ ජෙරල්ඩ් කෝට්සි සමඟ ඉන්දියාවට එරෙහිව පැවති විස්සයි20 තරගාවලියට එක් නොවූ කගීසෝ රබාඩා ද යළි සංචිතයට එක් කර තිබේ.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය – ටෙම්බා බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, ජෙරල්ඩ් කෝට්සි, ටෝනි ද සෝර්සි, මාර්කෝ ජන්සෙන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, සෙනුරන් මුත්තුසාමි, ඩේන් පැටර්සන්, කගිසෝ රබාඩා, ට්‍රිස්ටන් ස්ටබ්ස්, රයන් රිකල්ටන්, කයිල් වෙරයින්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT