Home » ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ නායකත්ව වැඩමුළුව දා…

ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ නායකත්ව වැඩමුළුව දා…

by sachintha
November 20, 2024 2:09 am 0 comment

ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් සංවිධානය කරන ලද එක්දින නායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගියදා විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. 9, 10, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් 88 දෙනෙකු වෙනුවෙන් පවත්වන්නට යෙදුණු මෙම වැඩමුළුවේ සම්පත් දායකත්වය දරනු ලැබුවේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරිනී මොනිකා දිප්ති කුමාරි සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරිනී ඉන්දිකා හර්ෂණි යන මහත්මීහු විසිනි.

හොරණ තරුණ සේවා නිලධාරි චන්දන කුමාර ජයකොඩි සහ ඉංගිරිය තරුණ සේවා නිලධාරි චින්තක මහේෂ් ගන්කන්ද මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු මේ සඳහා ‘ඇරබික්’ උපදේශිකා මල්ෂා කරුණාතිලක මහත්මියගේද සහය ලැබුණු අතර, ඉංගිරිය ප්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයනුත්, හොරණ යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපතිවරයාත්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, මව්පියනුත් ඇතුළුව විශාල පිරිසක් සහභාගි වූහ.

ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT