අනුරාධපුර තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලේ හතළිස් වැනි සංවත්සරය ඉකුත් 18 වැනි දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. සංවත්සර සතිය නමින් හඳුන්වා තිබෙන මෙම සතිය තුළ පළමු අංගය ලෙස විද්‍යාලයේ කොඩිය හා සංවත්සර කොඩියට බෝධි පූජා පවත්වා විද්‍යාලය වෙත රැගෙන ඒම, විද්‍යාලයීය සංවත්සර ගීතය එළිදැක්වීම, මියගිය ප්‍රථම විදුහල්පතිතුමා ඇතුළු මියගිය ගුරු භවතුන්ට සහ අකාලයේ මියගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෙත්පතා පැන් වැඩීමද මෙහි ඇති විශේෂත්වයකි.
1984 ආරම්භ කරන ලද මෙම පාසල වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල විද්වත් පිරිසක් බිහිකර ඇති අතර මෙම පාසලේ වර්තමානයේ හාරදහසකට ආසන්න දුවා දරුවන් පිරිසක් ඉගෙනුම ලබයි.
වර්තමාන විදුහල්පති ඒ.ජී. ජයතුංග මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ගුරුභවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ආදි ශිෂ්‍ය සංගමය විසින් මේ කටයුත්ත සංවිධානය කර තිබේ.
තලාව සමූහ – ඩබ්.ඩබ්.ඩී. ධර්මකීර්ති