අකුරැස්ස කිඩීස් කින්ඩම් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පෙරේදා (18) අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
කිඩීස් කින්ඩම් අධිපතිනි ඉන්ද්‍රානි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම හා උපදෙස් මත මධ්‍යස්ථානයේ ගුරුභවතුන්ගේ මැදිහත්වීමෙන් ප්‍රසංගය පැවති අතර අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් රුක්ෂලා පරණවිතාන, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නලීන් ජයමිනි, මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය මහත්ම මහත්මීහු විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක්වී සිටියහ.
මාර/ගොඩපිටිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී ප්‍රසංගය පැවැති අතර මෙහිදී දරුවන් විසින් විවිධ රැඟුම් ගැයුම් එළිදක්වමින් ඔවුන්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරමින් ප්‍රසංගය වර්ණවත් කෙරිණ. මවුපියන් සහ සුබපතන්නන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
තීක්ෂණ වික්‍රමරත්න මහතා ප්‍රමුඛ ඩී. වික්‍රමරත්න මහත්මිය ඇතුළු ගුරුභවතුන් සහ මවුපියන් විසින් උත්සවය සංවිධාන කර තිබුණි.
අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු