ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය සංවිධානය කළ 2024 ඌව පළාත් රාජ්‍ය ළමා නාට්‍ය තරගාවලියේදී ඔරුබැඳිවැව ද්විතීයික පාසල ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.
මෙහිදී ඔරුබැඳිවැව ද්විතියික පාසල ඉදිරිපත් කළ “මං තනිකඩයෙක් නෙවෙයි” නාට්‍යය ප්‍රථම ස්ථානය හිමිකරගන්නා ලදි. මෙම තරග ඉකුත් දා බදුල්ල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඔරුබැඳිවැව ද්විතීයික පාසලේ විදුහල්පති ගාමිණී අමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ නාට්‍ය කණ්ඩායම මෙම තරගයට ඉදිරිපත්වී තිබිණි.
මෙම තරගයේ දෙවන ස්ථානය මොනරාගල දුටුගැමුණු ජාතික පාසල ඉදිරිපත් කළ මකුළු දඟයා නාට්‍යයටත් තෙවන ස්ථානය, බදුල්ල ශ්‍රී සුගත විද්‍යාලය ඉදිරිපත් කළ වෙස් මාරුව සහ මොනරාගල මාලිගාතැන්න මහා විද්‍යාලය ඉදිරිපත් කළ පුංචි රජ්ජුරුවෝ නාට්‍යයත් හිමිකර ගන්නා ලදි.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක