යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ගෝනගල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ ඊයේ ( 19) දින සිදුකළ වැටලීමකදී රුපියල් 5,000,000.00කට ආසන්න වටිනාකමකින් යුත් මැන්චෙස්ටර් (MANCHESTER) වර්ගයේ නීති විරෝධී විදේශීය සිගරට් දුම්වැටි බණ්ඩල් 264 ක්(දුම්වැටි 52800) සන්තකයේ තබාගෙන විකිණිමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මිගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක් පමණ වන පුද්ගලයෙකු සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු මෙලෙස නීති විරෝධී සිගරට් තොගය සමඟ විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
මේ සබැඳිව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරිම සදහා අත්අඩංගුවට ගත් පුද්ගලයන් කෙසෙල්වත්ත පොලිසිය වෙත බාර දි ඇත.