Sunday, April 20, 2025
Home » සජබ ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර

සජබ ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර

by sachintha
November 20, 2024 12:52 am 0 comment

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසම මඟින් ගැසට් කර තිබේ. පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවති මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමි කර ගැනීමට සමත් විය.

ඒ අනුව සෙසු මන්ත්‍රී ධුර සඳහා තවත් සිව්දෙනකුව නම් කළ යුතු අතර ඒ සඳහා මේ වන විට පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුවන බවද සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT