39
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසම මඟින් ගැසට් කර තිබේ. පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවති මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමි කර ගැනීමට සමත් විය.
ඒ අනුව සෙසු මන්ත්‍රී ධුර සඳහා තවත් සිව්දෙනකුව නම් කළ යුතු අතර ඒ සඳහා මේ වන විට පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුවන බවද සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
රක්ෂණ ශ්‍රියන්ත