Home » සුජීවගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ඉල්ලා සිහිකැඳවීමක්

සුජීවගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ඉල්ලා සිහිකැඳවීමක්

by sachintha
November 19, 2024 12:54 am 0 comment

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10ක් වටිනා නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති V 8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් අධිකරණයට ලැබී නොමැති බැවින් රජයේ රස පරීක්ෂකවරයාට සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (18) නියෝග කළාය.

රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නඩුව ලබන 25 දක්වා කල් තබන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. එම වාර්තාව අධිකරණයට ලැබී නොමැති බැවින් රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කරනු ලැබුවේ ප්‍රශ්නගත වාහනය සම්බන්ධයෙන් වන නඩුව විවෘත අධිකරණය හමුවේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. ප්‍රශ්නගත වාහනයට අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. එහි දී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙම වාහනය සම්බන්ධයෙන් සෙට්ටිකුලම අධිකරණයේ නඩුවක් විභාග වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර දිනයේ කරුණු දක්වා ඇතත් එම නඩුව මේ වන විටත් අවසන් වී ඇති බවය. ඒ හේතුවෙන් අධිකරණය භාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන මෙම ප්‍රශ්නගත වාහනය සුජීව සේනසිංහ මහතාට නිදහස් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළේය. සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ලබන 25 වැනිදා අදාළ සිද්ධිය සම්බන්ධ නඩුකරය නැවත කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT