Monday, April 21, 2025
Home » මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල හිටපු පොලිස් නිලධාරියෙක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල හිටපු පොලිස් නිලධාරියෙක්

by sachintha
November 19, 2024 1:03 am 0 comment

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ ඊයේ (18) දිවුරුම් දුන් ආනන්ද විජේපාල මහතා කලක් පොලිස් සේවයේ සිටි නිලධාරියකු බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1985 වසරේ සිට 1987 දක්වා කාලයේ ඔහු පොලිස් සේවයේ නිරතව සිට ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී බව සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස මේ වන විට කටයුතු කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතා අමාත්‍යවරයාගේ පොලිස් සේවයේ සමකාලීනයෙකි.

පොලිස් සේවයට ඔහු සමුදී ඇත්තේ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව පරිපාලන ක්ෂේත්‍රයට පිවිසීම හේතු කොටගෙනය.

ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් ලෙස මෙයට පෙර කටයුතු කළේය. ඔහු කලක් පුනරුත්ථාපන අධිකාරියේත් හානි පූර්ණ කාර්යාලයේත් අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

ජනපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් සහ පශු සම්පත් කැබ්නට් ඇමැති සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස ද ආනන්ද විජේපාල මහතා කටයුතු කර තිබේ. ඔහු කලක් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT