Monday, April 21, 2025
Home » ඇතිමලේ සීනි සමාගමේ ආරක්ෂකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

ඇතිමලේ සීනි සමාගමේ ආරක්ෂකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

by sachintha
November 19, 2024 1:08 am 0 comment

මයික්‍රො වර්ගයේ ගිනිඅවියක් සමඟ ඇතිමලේ සීනි සමාගමේ සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මේ ගිනිඅවිය සොයාගෙන ඇත්තේ ඉඟිනියාගල පරගහකැලේ පිහිටි මේ සැකකරුගේ නිවෙස අසල සඟවා තිබියදීය. සැකකරු යුද හමුදා විශේෂ කාර්ය බළකායට අනුයුක්තව බලයලත් නිලධාරියකු ලෙස රාජකාරි කර විශ්‍රාම ලැබූවෙක් බව පොලීසිය සඳහන් කරයි.

වයස අවුරුදු 51ක් වන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත T56 ගිනිඅවි පිරිසුදු කිරීමේ උපකරණ කට්ටලයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය. මයික්‍රො වර්ගයේ ගිනිඅවියට යොදා ගන්නා මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 143ක්ද සොයාගෙන තිබේ.

සැකකරු ගිනිඅවිය සහ පතරොම් සමඟ ඉඟිනියාගල පොලිස් ස්ථානයට භාරදී ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය භාර පොලිස් අධිකාරි ඒ.එස්.පී. ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් අම්පාර කඳවුරේ පොලිස් පරීක්ෂක ඊ.පි.ඒ.එන්.ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීම කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT