Sunday, April 20, 2025
Home » ඩොමිනිකා ජනරජයේ ඉහළම ජාතික සම්මානය ඉන්දීය අගමැතිවරයාට

ඩොමිනිකා ජනරජයේ ඉහළම ජාතික සම්මානය ඉන්දීය අගමැතිවරයාට

by sachintha
November 19, 2024 1:59 am 0 comment

 

කැරීබියන් දූපත් රාජ්‍යයක් වන ඩොමිනිකා ජනරජයේ ඉහළම ජාතික සම්මානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පිරිනැමීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කොවිඩ් වසංගත සමයේදී ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් 70,000ක් පරිත්‍යාග කරමින් ඉන්දියාව විසින් ලබා දුන් සහාය අගය කරමින් එම ජාතික සම්මානය පිරිනැමිමට ඩොමිනිකා ජනරජය කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගයානා දූපත් රාජ්‍යයේ බ්‍රිජ්ටවුන් හීදී අද ඇරැඹෙන ඉන්දියාව සහ කැරීබියන් දූපත් රාජ්‍යයන්හි නායකයන් අතර පැවැත්වෙන සමුළුව අතරතුරදී ඩොමිනිකා ජනරජයේ ජනාධිපති සිල්වේනි බර්ටන් අතින් එම සම්මානය පිරිනැමීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඩොමිනිකා ජනරජයේ සෞඛ්‍ය, අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය ඇගැයීම ද එම සම්මානය පිරිනැමීමට හේතු වී ඇතැයි වාර්තා වේ. ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් හමුවේ දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කරමින් සිටි ඩොමිනිකා ජනරජයේ ජනතාව වෙනුවෙන් ඉන්දීය අගමැතිවරයා දැක්වූ කැපවීම හා සහයෝගය ඇගැයීම සඳහා එරට ඉහළම ජාතික සම්මානය පිරිනැමීමට තීරණය කළ බව ඩොමිනිකා ජනරජයේ අගමැති රුස්වෙල්ට් ස්කෙර්රිට් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT