Monday, April 21, 2025
Home » දිල්ලියෙත් වායු දූෂණය බරපතළයි

දිල්ලියෙත් වායු දූෂණය බරපතළයි

-වායු ගුණත්ව දර්ශකය 400 පනී

by sachintha
November 19, 2024 1:58 am 0 comment

ඉන්දියාවේ දිල්ලි නුවර මෑත කාලයේ ඉහළම වායු දූෂණය ඊයේ වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. නවදිල්ලි අගනුවර ඇතුළුව දිල්ලි පළාතේ දිස්ත්‍රික්ක රැසක ඊයේ උදෑසන වන විට වායු දූෂණය බරපතළ තත්ත්වයකට හැරී තිබූ බවත්, දිල්ලියේ වායු ගුණත්ව දර්ශකයේ 481ක් ලෙස සටහන් වූ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වායු දූෂණයත් සමඟ පරිසරය අපැහැදිලි වීම හේතුවෙන් අවම වශයෙන් දිල්ලි නුවර වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානා 11ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවීමට ද සිදුවූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

වායු දූෂණය මැඬ පැවැත්වීමට දිල්ලි රජය මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සමක් ද ඊයේ විභාගයට ගෙන ඇති අතර, වායු ගුණත්ව දර්ශකය 300 ඉක්මවන තුරු කල් මැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලි රජයෙන් ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දිල්ලියේ පිහිටි වායු ගුණත්ව අධීක්ෂණ මධ්‍යස්ථාන 35කින් වැඩි ප්‍රමාණයකම අගය 400 ඉක්මවා ගිය බවත්, ද්වාර්කා ප්‍රදේශයේ වායු ගුණත්ව දර්ශකය 499ක් ලෙස වාර්තා වූ බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. එම අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු ගුණත්ව නියාමන අගයට වඩා 60 ගුණයකට වැඩි බවද වාර්තා වේ. මේ තත්ත්වය මත සෞඛ්‍යයට වඩාත්ම හානිකර සියුම් අංශ සහිත මාරාන්තික දූෂක මට්ටම ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT