Monday, April 21, 2025
Home » ටැන්සානියාවේ ගොඩනැඟිල්ලක් කඩා වැටී 13ක් මරුට

ටැන්සානියාවේ ගොඩනැඟිල්ලක් කඩා වැටී 13ක් මරුට

by sachintha
November 19, 2024 1:58 am 0 comment

නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ ඩාරුස්සලාම් අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිව්මහල් ගොඩනැඟිල්ලක් හදිසියේම කඩා වැටීමෙන් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් පසු තවත් පුද්ගලයන් 84 දෙනකු මුදා ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත්වූ බවත්, එහි සුන්බුන් අතර සිරවී සිටින සෙසු පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ගොඩනැඟිල්ලේ සුන්බුන් හේතුවෙන් පහත මාලයේ සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම දුෂ්කර වී ඇති බවත්, එම පුද්ගලයන්ගේ සංඛ්‍යාව කොපමණදැයි නොදන්නා බවත් දාරුස්සලාම් අගනුවර කොමසාරිස් ඇල්බර්ට් චලමිලා ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ගොඩනැඟිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, මීට දින දෙකකට පෙර එහි පහත මාලයේ සාප්පු සංකීර්ණය පුළුල් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT