Home » ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා මාධ්‍ය ප්‍රකාශක මරු දකී

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා මාධ්‍ය ප්‍රකාශක මරු දකී

by sachintha
November 19, 2024 1:57 am 0 comment

ලෙබනනයේ මධ්‍යම බීරුට් නුවර ගොඩනැඟිල්ලක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හෙස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බීරුට් අගනුවර රස් අල් නබා දිස්ත්‍රික්කයේ පිහිටි එම ගොඩනැඟිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ප්‍රහාරය සිදු කිරීමට පෙර සිවිල් වැසියන්ට ඉවත් වන ලෙසට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බවත්, සිය සාමාජිකයන් පමණක් නොව සිවිල් වැසියන් ද ඊශ්‍රායල හමුදාවේ ඉලක්ක වී ඇති බවත් හෙස්බුල්ලා සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ. හෙස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමට පෙර මොහොමඩ් අෆීෆ් එම සංවිධානයට අයත් අල් මනාර් රූපවාහිනි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT