Monday, April 21, 2025
Home » Rosita Tea House උත්සවාකාරයෙන් විවෘත කරයි

Rosita Tea House උත්සවාකාරයෙන් විවෘත කරයි

by sachintha
November 19, 2024 2:00 am 0 comment

කොටගල වැවිලි සමාගම විසින් සිය පළමු තේ මධ්‍යස්ථානය ලෙස Rosita Tea House විවෘත කළ බව පසුගියදා නිවේදනය කළේය. අලංකාර දර්ශනයක් විදහා දක්වන St. Clair’s දිය ඇල්ලට ඉහළින් පිහිටුවා ඇති මෙම Rosita Tea House වෙතින් දිඹුල තේ වතුයායේ රසවත් සාරය ලොවට බෙදාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තම කණ්ඩායම් විසින් ලබා දුන් නොමඳ සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කළ Lankem වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් පොහොලියද්ද මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “Lankem වැවිලි සමාගමට අයත් තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙම තේ මධ්‍යස්ථානය ශ්‍රී ලාංකේය තේ සන්නාමය, අතීත උරුමය ආරක්ෂා කිරීමට මෙන්ම දිඹුල කලාපයේ ස්වභාවික තේ රසය ලෝ වැසියන් වෙත ලබා දීම සඳහා වන අපගේ කැපවීමේ එක් පියවරක් ලෙස සඳහන් කළ හැකියි” යනුවෙනි.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා විශේෂ ඇගයීමකට ලක් වූයේ මෙම මධ්‍යස්ථානයේ සංකල්පය, එය ආරම්භයේ සිට අවසානය තෙක් සිදු කළ මඟපෙන්වීම සහ කාර්යභාරය අගය කරමිනි. කොටගල වැවිලි සමාගමේ සහෝදර සමාගම වන ආගරපතන වැවිලි සමාගමෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී Denham Madena සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රොහාන් වීරකෝන් යන මහත්වරුද මේ සඳහා සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා “කොටගල සතු අභිමානවත් තේ උරුමය ලොවට රැගෙන යන තානාපතිවරයෙක් ලෙස හඳුන්වා දිය හැකි Rosita Tea House ජනතාවට සතුට ගෙන එන ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. අපගේ කලාපයේ නියම රසයන් අත්විඳීම වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කර සිටින අප ශ්‍රී ලංකාවේ හොඳම තේ ගෝලීය වෙළෙඳපොළ වෙත ගෙන ඒම සඳහා වන අපගේ උරුමය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

තේ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කොටගල වැවිලි සමාගමේ කළමනාකරුවන් හා සහකාර කළමනාකරුවන් විසින් සිදු කරන කැපවීම හා ඔවුන්ගේ උත්සාහය ද මෙහිදී ඇගයීමට ලක් විය. ඔවුන්ගේ මෙම කැපවීම කලාපයේ තේවල ගුණාත්මකභාවය හා සම්ප්‍රදාය පවත්වා ගැනීම සඳහාද ඉවහල් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT