56
ලන්ඩනයේ පැවති ලෝක සංචාරක වෙළඳපොළ ප්‍රදර්ශනය World Travel Market (WTM) නියෝජනය කරමින් ගෞරවනීය “ව්‍යාපාර සඳහා ස්ථාවර ගමනාන්තය” සම්මානය දිනා ගැනීමට මෙරට සංචාරක කර්මාන්තය සමත් වී තිබේ. මෙම ඇගයීමෙන් මෙරට සංචාරක කර්මාන්තය වෙත ගෝලීය අවධානය දිනාගැනීමට සමත්වී තිබේ.
එසේ වීමට ප්‍රදර්ශනය සඳහා වඩාත් නිර්මාණශීලී ප්‍රවේශය වැදගත් විය. මෙම තරගාවලිය සඳහා සංචාරක ගමනාන්ත 183ක් සහභාගිවී තිබේ. මීට අදාළ ඇගයීමේ සහතික ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් මහතාට එක්සත් රාජධානියේ World Travel Market & Reed Exhibitions හි සභාපති ජොනතන් හුල් මහතා විසින් පසුගියදා ලන්ඩනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරයේදී පිළිගන්වා තිබේ.