ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීති විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ ඇසුරුම් 40ක්, ඒවා ප්‍රවාහනය සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, සැකකරුවන් දෙදෙනකු ද සමඟින් වයඹ නාවුක විධානයට අයත් විජය නාවුක ආයතනය මගින් පෙරේදා (16) දින රාත්‍රියේ කල්පිටිය ඉප්පන්තීව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
නාවුක හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. බීඩී කොළ උර 37ක් තුළ කිලෝග්‍රෑම් 1,263ක් ද, තවත් ඇසුරුම් 3ක කිලෝ 118ක් ද අසුරා තිබී ඇත. මෙහි දළ වටිනාකම ලක්ෂ 69ක් පමණ වේ.
සැකකරුවන් දෙදෙනා කල්පිටිය ජනසවිපුර සහ ආනවාසල පදිංචි වයස අවුරුදු 26 සහ 37 වියේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකයට භාර දීමට නියමිතය.
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා