30
දිවයිනේ පාසල් අතර පැවැති සමස්ත ලංකා සංගීත තරගාවලිය නියෝජනය කළ රාජාංගණය සිරිමාපුර විදුහලට ප්‍රථම ස්ථාන තුනක් හිමිව තිබේ.
මෙසේ ජයග්‍රහණ හිමිකරගෙන ඇත්තේ රාගධාරී කනිෂ්ඨ එස්රාජ් තරගය නියෝජනය කළ මල්ෂි නවෝදි කෞෂල්‍යා, රාගධාරී ජ්‍යෙෂ්ඨ 1 සිතාර් වාදනය නියෝජනය කළ සමාධි දම්සරණි සේනාරත්න, රාගධාරී ජ්‍යෙෂ්ඨ 2 සිතාර් වාදනය නියෝජනය කළ සයුනි දිව්‍යා සත්සරණි යන තිදෙනාය. මෙම ජයග්‍රහණ සඳහා සහාය වාදනය සපයා ඇත්තේ ඉමෙත්කා යසින්දි, නෙත්මි අනුරාධා, චතු මදාරා මන්දාකිණි, දසුනි චමත්කා, ජයනි හසරංගි, ජනිදු අනුහස් යන දරු දැරියන්ය.
සංගීත ආචාර්ය මධුසංඛනි මහේෂිකා රාජපක්ෂ මහත්මිය දරුවන් මෙම තරගය සඳහා පුහුණු කර තිබේ.
රාජාංගණය සමූහ – නුවන් කුමාර